ලොව උසම පාලමට හිමි වාර්තාව හිමිකර ගනිමින් චීනයේ හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම අද ජනතා අයිතියට පත්කෙරුණා.
අවුරුදු තුනක් පුරා විශාල කඳු දෙකක් යා කරමින් ඉදිවුණු හුවාජියෑන්ග් පාලම ලොව දිගින් සහ උසින් වැඩිම පාලම වේ.
චීනයේ ග්වීජෝ පළාතේ ඉදිකර ඇති මෙම පාලම පහළ ගලා යන ගංගාවට මීටර් 625 ක් ඉහළින් ඉදිවී ඇත.
මීට පෙර ලොව උසම පාලමට හිමි වාර්තාව හිමිකරගෙන තිබුණේ ද ග්වීජෝ පළාතේම තවත් පාලමකි.
මීට පෙරට එම වාර්තාව හිමිකරගෙන තිබූ පාළමේ උස මීටර 565 කි.
එරට මාධ්‍ය හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම නිල වශයෙන් විවෘත කිරීම ඩ්‍රෝන දර්ශන මගින් සජීවීව විකාශය කළ අතර දැවැන්ත ව්‍යුහය හරහා වාහන ගමන් කරන ආකාරය, එහි නිල් ආධාරක කුළුණු අර්ධ වශයෙන් වලාකුළුවලින් වැසී ඇති ආකාරය ඉන් පෙන්නුම් කෙරිණි.